, GOSSIP LANKA PHOTO GALLERY: NAYANATHARA WIKRAMAARACHCHI - GOSSIP PHOTO GALLERY

PHOTO GALLERY

PHOTO GALLERY

NAYANATHARA WIKRAMAARACHCHI - GOSSIP PHOTO GALLERY

NAYANATHARA WIKRAMAARACHCHI - GOSSIP PHOTO GALLERY 
















නයනතාරා වික්‍රමආරච්චි

‘දෙවැනි ඉනිම’ කියන්නේ ටීවී දෙරණ නාළිකාව ගෙනෙන නවතම ටෙලි සිත්තමයි.මේ දිනවල ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක,අපි දෙවැනි ඉනිම සොයා ගෙන යන්න තීරණය කළා.ඒ ගමනේදී අපිට හැඩකාර දෙව්නිව මුණ ගැසුණා.ඇය ගැන හැමෝම මේ දිනවල කතා කරනවා.කවුද මේ දෙව්නි කියන්නේ ? ඔන්න අද රසඳුනෙන් අපි ඒ ගැන කියනවා.
කොහොමද ?
හොඳින් ඉන්නවා.
මොනවද මේ දවස්වල කරන්නේ?
‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යයේ සහ ‘ප්‍රාණ’ කියන ටෙලි නාට්‍යයේ වැඩයි, ඊට අමතරව අලුත් සිනමා නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. ඒ දේවල් තමයි ඉතිං.
‘දෙවැනි ඉනිම’ කියන්නේ කීවෙනි ටෙලි නාට්‍යද?
දෙවැනි ඉනිම කියන්නේ, විකාශය වූ ටෙලි නිර්මාණ අතරින් පස්වැනි ටෙලි නාට්‍යය.

ඔබට මේ ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මගේ අසාව නිසයි රංගන ක්ෂේත්‍රයට එන්නේ. මම O/ L ඉවර වුණු ගමන්ම රංගනය පිළිබඳ පාඨමලාවක් හැදැරුවා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ස්වර්ණවාහිනියෙන් විකාශය වුණු ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න. එදා ඉඳන් ආපු ගමන තමයි මේ.
ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
අවුරුදු 1 ½ යි.
‘දෙව්නි’ කියන චරිතය සහ ලැබෙන ප්‍රතිචාර...
දෙව්නි චුට්ටක් කලබලකාරී,සෙල්ලක්කාර චරිතයක්. හැබැයි එයා ඇතුළේ පොඩි සංවේදිභාවයකුත් තියනවා.ආදරණීය බව,තරහව ඒ වගේ පුංචි පුංචි හැම දෙයක්ම දෙව්නි කියන චරිතය ඇතුළේ තියෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයන් අතරට වැඩිපුරම සමීප වෙලා . ලොකු කාලයක් නැහැ ටෙලි නාට්‍ය විකාශය වෙන්න පටන් අරගෙන. නමුත් කෙටි කාලයක් ඇතුළත මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා හිතුවේ නැහැ.
සෑබෑ ජීවිතයේදීත් නයනතාරා, දෙව්නි වගේද ?
නයනතාරා දෙව්නිට වඩා වෙනස්. හැබැයි දෙව්නි වගේම හිනා වෙලා ,සරලව,නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.
‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍ය දී අපුරු යාළුවෝ ටිකක් මුණගැහුණා නේද?
ඇත්තටම ඔව්. ශානුද්රි,අනුහස් අයියා,කේෂාන් අයියා අපි හතර දෙනා ගොඩක් හොඳ යාළුවෝ. මට ගොඩක් හමුවෙන්නේ අනුහස් අයියයි,ශානුද්රි. කේෂන් අයියා වැඩසටහන් වලදී වගේම රූපගත කිරීම් වලදී මුණ ගැහෙනවා. ඒ අයත් එක්ක වැඩ කරන්න ලෙසයි, හරිම මිත්‍රශීලියි.
‘ප්‍රාණ’ කියන ටෙලි නාට්‍ය තුළදී ඔබ වෙනස්ම රංගනයක යෙදෙනවා.
ඒ නාට්‍යයේ තාරුකා කියන්නේ අධ්‍යාත්මික දේවල් එක්ක ගොඩනැගුණු චරිතයක් වගේම ජීවිතය ගැඹුරින් දකින චරිතයක්. විශේෂ දෙයක් කියන්න ඕන දෙව්නි සහ තාරුකා කියන චරිත දෙකේ පුදුම වෙනස්කම් තියෙන්නේ.
පොඩි කාලේ හීන දැක්කේ රංගන ශිල්පිනියක් වෙන්නද ?
ඔව්
පාසලෙන් අධ්‍යාපනය අවසන් වුණා විතරයි නේ ?
ඔව්. මම 2016 දී පාසලෙන් out වුණේ. ඉතිං වැඩි කාලයක් නැහැ. ඒ කාලේ ඇතුළත පාසල් නාට්‍ය සඳහා සහභාගී වෙලා තිබුණා. රංගනය කියන දේ මම පාසලෙන් අත්වින්දා.
එකම දුවව රංගන ක්ෂේත්‍රයට එවන්න අම්මයි,තාත්තයි කැමැති වුණාද?
තාත්තා චුට්ටක් මුලදී අකැමැති වුණා. මගේ තිබුණු ආසාව නිසාම අම්මා නම් විරුද්ධ වුණේ නැහැ. හැබැයි දැන්නම් තාත්තා කැමැතියි.ලොකු විරුද්ධතාවයක් නැහැ. දෙන්නගෙන්ම මේ ගමනේදී ලොකු සහයෝගයක් ලැබෙනවා.
දුව යන හැම තැනකම අම්මත් එනවලු නේද?
ඔව් අම්මා එනවා. විශේෂයෙන් අම්මා ගැන කියන්න ඕන. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණාට පස්සේ තනියම කොහෙවත් හිහින් නැහැ. මම ෂූටින් වල ඉද්දි ,අම්මත් නිදි මරාගෙන මාත් එක්ක ඉන්නවා. ඒ වෙලාවට මගේ ඇස් වලට කඳුළු ඇවිල්ලා තියෙනවා. හැබැයි අම්මා ඒ හැම දෙයක්ම බලලා සතුටු වෙනවා. මගේ අම්මා මං වෙනුවෙන් ගොඩක් කැප කිරීමක් කරනවා.
තවම නයනතාරට හිතගත්ත කෙනෙක් මුණ ගැහුණේ නැද්ද?
නැහැ. මම තාම ඉගෙන ගන්න වයසේ ඉන්නේ.ඒ නිසා දැන්ම ඒ දේවල් ගැන හිතන්නේ නැහැ.